හැම එකටම "හ්ම්ම් " ගාන
කිසිදෙකට කතා නොකර
බස්සෙක් වගෙ බලන් ඉන්න
උඹත් එක්ක මට හරියට
කේන්ති යනවා.....

කියන කියන හැම දේටම
හිනා නොවී ඔලුව වනන
වදුරු පැංචො ..
උඹත් එක්ක මට හරියට
කේන්ති යනවා......

කවදා කොහොම මොනවා උනත්
ඇස් දෙක වගේ ලගින් ඉදන්
ආදරයෙන් මට සලකන
උඹත් එක්ක හැමදාටම
ඉන්න හිතෙනවා.....








       
            යමුද තරුව කඩන් එන්න....


අන්න අතන ඈත අහසේ
පුංචි තරුව කඩාගන්න
උඹට හැකිද මාත් එක්ක
එක රවුමක් ගිහින් එන්න.

මල් දෙවටින් එගොඩ වෙලා
හද එළියෙන් මුවා වෙලා
පවන් ගහන සීත හුළගේ
යමුද තරුව කඩන් එන්න ?

ආවොතින් මාත් එක්ක
පුංචි තරුව කඩාගන්න
ඇසල මහේ හදපානෙම
එක්ක යනවා අපේ ගෙදර...











     
             ඕං එනවා මං....

හීන හුගක් පොදි ගහගෙන
ජීවිතයේ හොදම ටිකට
නුඹත් එක්ක ජෝඩු වෙන්න
එන්න ඉන්න මං..
අම්මා අප්පා කැමති කොරන්
බුලත් හුරුළු අතින් අරන්
උඹේ වරිගේ හම්බ වෙන්න
නැකැත් බලන්නං..
බලපු නැකැත් ගැලපුනාම
බක් මහේදි එක්ක යන්න
පෙරහැරකින් උඹේ ගෙදර
ඕං එනවා මං..


නිහඩ වෙමි
                           අයිතිවාසිකම් නොකියමි 




පිපුනාට කටු අත්තක
හැමදාම උඹ ඔහොම
එකදා ක හැකි වේවි
පිපෙන්නට මහ ගහක.
පිපුනාම උස ගහක
හිනැහියන් කටු ගහට
උඹ එක්ක හිටියාට
පිපෙන තෙක් මහ ගහක

                        මට ආසයි ....
මට ආසයි 
උඹව
ඉඹින්න..
දෙනොදහක් මැද
උඹව
ඉඹින්න .
පැණය ???

අදත් පෙරදා සේම
වහුං වෙයං
නුඹට කීවේ කවුද ??
පාළුයි නිසලයි
කෙසේද මා හිදින්නේ
නුඹ නැති මුළු රැයක් පුරාවට ??
කීවත් උණුන් එකිනෙකා
සුන්දර යැයි මේ යාමය..
කෙසේ පිළිගනිම්ද එය
මහිත් බිම් කළුවර ??
උදාවෙයං යලිත් හෙට
එළිය කරන් නුඹේ උණුහුමින්
ඒත් මේ දග හිතට හැගෙයිද
නුඹ බැස යන වග
එදාටත් පෙර දා සේම ??
හැඩ වෙච්ච
පාට වැටිච්ච
තොරොම්බල් කරත්ත
හොයන උන්ට,
කළු වෙච්ච
පර වෙච්ච
තනි වෙච්ච
මල් මක්කට....




සීතලට ගුලි වෙච්ච
මල් පොකුරු ඇහෙරෙන්න
පිනි පබළු හෙලුවාලු
මත් වෙච්ච බබරින්දු.
ඇහැරිච්ච මල් පොකුරු
හිනැහේවි ලස්සනට
සමරන්න ඇරඹුමක
සීතල දුරුත්තක




 
නැගුනාට
උසට උසේ
අල්ලන්න ආකාසේ
කෝ උඹේ
හිනාවක්
කෝ උඹේ
දයාවක්.
දිනුවාට උස්ව
කර්කශයි
අමාරුයි
ජිවත් වන්නට
තනිව මේ
ජිවිතේ...

ආඩම්බරකාරකාරියේ..
උඹ නම් මහාම මහා
ආඩම්බරකාරියක්.
කවද්ද උඹේ ඔය
හැඩකාර
සුකුමාල
මූනූ පොඩිත්ත
පෙන්නන්නේ
මට..

       හැම එකටම "හ්ම්ම් " ගාන කිසිදෙකට කතා නොකර බස්සෙක් වගෙ බලන් ඉන්න උඹත් එක්ක මට හරියට කේන්ති යනවා..... කියන කියන හැම දේ...