සීතලට ගුලි වෙච්ච
මල් පොකුරු ඇහෙරෙන්න
පිනි පබළු හෙලුවාලු
මත් වෙච්ච බබරින්දු.
ඇහැරිච්ච මල් පොකුරු
හිනැහේවි ලස්සනට
සමරන්න ඇරඹුමක
සීතල දුරුත්තක




 
නැගුනාට
උසට උසේ
අල්ලන්න ආකාසේ
කෝ උඹේ
හිනාවක්
කෝ උඹේ
දයාවක්.
දිනුවාට උස්ව
කර්කශයි
අමාරුයි
ජිවත් වන්නට
තනිව මේ
ජිවිතේ...

ආඩම්බරකාරකාරියේ..
උඹ නම් මහාම මහා
ආඩම්බරකාරියක්.
කවද්ද උඹේ ඔය
හැඩකාර
සුකුමාල
මූනූ පොඩිත්ත
පෙන්නන්නේ
මට..

       හැම එකටම "හ්ම්ම් " ගාන කිසිදෙකට කතා නොකර බස්සෙක් වගෙ බලන් ඉන්න උඹත් එක්ක මට හරියට කේන්ති යනවා..... කියන කියන හැම දේ...